Jul 22, 2021

පඩි බැසිල්ගෙන් ඉල්ල ගනිල්ලා; වරෙව් කන්න ගුවන් විදුලි සංස්ථාවට - හඩ්සන්

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විකාශය කරන ලද වැඩසටහනකට එක්වෙමින් එහි සභාපති හඩ්සන් සමරසිංහ මහතා සංස්ථාව තුල සිදුව ඇති බරපතළ අක්‍රමිකතාවයන් ගණනාවක් හෙළිදරව් කර ඇත.

සංස්ථාවේ නුසුදුස්සන් ගණනාවකටම උසස්වීම් දේශපාලන හා පුද්ගලික හිතවත්කම් මත උසස්වීම් ලබා ඇති බවද, ගොළුවන්ට පවා නිවේදක තනතුරු ලබාදී ඇති බව ද කියා සිටියි.

විරුද්ධ දේශපාලන මත දරන දක්ෂ සේවකයින් කිසිවකුට උසස්වීම් ලබා දී නැති බවද ඔවුන්ගේ සේවය ස්ථිර කිරීම පවා කර ඇති බවට ද ඔහු එහිදී චෝදනා කර තිබේ.

මෙම තත්ත්වය මත ගුවන්විදුලි සංස්ථාව පාඩු පිට පාඩු ලබමින් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව ද පත්වීම් ලබා ගත් අය අදාළ වැටුප් වර්ධක බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ගන්නා ලෙසද ඔහු එහිදී කියා සිටී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top