Jul 22, 2021

සන්ලයිට් රෙදි හෝදන සබන් කැටේ පාරිභෝගිකයා කොල්ලකයි! Featured

බහුජාතික සමාගමක් වන යුනිලීවර් සමාගම විසින් නිෂ්පාදනයකර බෙදාහරිනු ලබන සන්ලයිට්  (Sunlight)  රෙදිහෝදනසබන් කැටය පසුගිය වසරේ ඔක්තේබර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ 20%කින් මිල ඉහල දමා ඇතැයි පාරිභෝගිකයන් චෝදනා කර සිටී.

පසුගිය වසරේ (2020) ඔක්තෝබර් මාසයේ රුපියල් 50ක් වූ සන්ලයිට් රෙදි හෝදන සබන් කැටයක දැන් මිල (මේ වසරේ ජූලි මාසය වන විට) රුපියල් 60 දක්වා රුපියල් 10කින් ඉහල ගොස් තිබේ.

කෙසේවුවද, එහි මිල පසුගිය අප්‍රේල් මාසයේදී ද රුපියල් 6කින් වැඩිවී තිබේ. 

ඒ අනුව ඉකුත් අප්‍රේල් මාසයේදී එහි මිල රුපියල් 56/- කි.

අඩු ආදායම් ලාභීන්ගේ පොදු සබන් කැටයක් වන සන්ලයිට් රෙදි හෝදන සබන් කැටයේ මිල එම සමාගම විසින් 20%කින් මෙසේ ඉහල දැමුවද, එම කාලය තුළ ඔවුන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවී නොමැත.

Sunlight 700px 21 07 22

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top