Jul 22, 2021

ගුරු සංගම් විරෝධයෙන් කොළඹ අවහිරවෙයි

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කර ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත්කරන්නැයි බලකරමින් ගුරු සංගම් රැසක් එක්ව සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹ දී අද (22) උදෑසන ආරම්භ විය.

මෙම උද්ඝෝෂණයට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් 30කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ විශාල පිරිසක් එක්ව සිටිති.

කොළඹ දුම්රියපල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතා පා ගමන මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ පැවැත්වෙන අතර මේ හේතුවෙන් මාර්ග අවහිරවීමෙන් කොටුව හා ඒ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් පවතින බව අප වාර්තාකරු සදහන් කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top