Jul 22, 2021

සංචරණ සීමා කඩ කළොත් පොලිසියෙන් දැඩි තීරණයක්! Featured

එළැඹෙන සති අන්තයේදී නිරෝධායන නීති කඩකරමින් ජනතාව කටයුතු කළහොත් පසුගිය සමයේදී පැනවූ සීමා කිරීම්වලට ජනතාවට යළි මුහුණදීමට සිදුවනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කර සිටියි.

එමෙන්ම එම සති අන්තයේදී නිරෝධායන මෙහෙයුම් සඳහා අමතර පොලිස් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ගත වූ දිනය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයිව් 189 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 51,581 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top