Jul 22, 2021

පළමු පාවෙන විදුලි බලාගාරය දියවන්නාවට

දියවන්නාව කේන්ද්‍ර කර ගනිමින් පළමු පාවෙන සුර්ය විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දෛනික විදුලි අවශ්‍යතාවය සපුරාගත හැකි වන පරිදි ඉදිකිරීමට යෝජිත මෙම පාවෙන සූර්ය විදුලි බලාගාරය, මෙගාවොට් 1.5 ක ධාරිතාවෙයකින් යුක්තවන අතර මේ වනවිට මෙහි මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදු කෙරෙමින් පවතියි.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ණය ආධාර සපයනු ලබන්නේ ඉන්දීය රජය විසිනි.

වසර 2030 වනවිට විදුලිබල අංශයට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% දක්වා වර්ධනය කිරීමේ අරමුණූ ශාක්සාත් කරගනිමින්, විදුලි පාරිභෝගික ජනතාවට අඛණ්ඩ, ගුණාත්මක මෙන්ම මිල අවම ස්ථාවර විදුලිබල සේවාවක් ලබාදීම උදෙසා මේ වනවිට සමස්ත දිවයින ආවරණය වන පරිද්දෙන් පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති රාශියක් දියත් කිරීමට විදුලිබල අමාත්‍යාංශය ප්‍රමුඛ ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top