Jul 22, 2021

මෙරට පළමු ත්‍රෛයිභාෂා ක්‍රීඩා සඟරාව එළිදකියි

දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙරට ක්‍රීඩාලෝලී ජනතාව අතරට ගෙනයාමේ අරමුණින් මෙරට පළමු ත්‍රෛයිභාෂා මාසික ක්‍රීඩා සඟරාව වන (ස්පෝර්ට්ස් වොයිස්) ඊයේ (21) පස්වරුවේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වන ලදී.

ඇඩ් වර්ල්ඩ් පුද්ගලික සමාගම විසින් මෙම ස්පෝර්ට්ස් වොයිස් සඟරාවේ හිමිකාරීත්වය දරනු ලබයි.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතා සහ ජාතික ක්‍රීඩා කවුන්සිලය නියෝජනය කරමින් සංජීව වික්‍රමනායක මහතා යන අය එක්විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top