Jul 22, 2021

ඇමෙරිකාවෙන් කඩිනම් රෝග විනිශ්චය පරීක්ෂණ 500,000ක් ලංකාවට! Featured

කොවිඩ්-19ට එරෙහි සටනේ දී ශ්‍රී ලංකාවට සහයදීමේ පොරොන්දුවෙහි කොටසක් ලෙස ඇමෙරිකාව විසින් කඩිනම් රෝග විනිශ්චය පරීක්ෂණ (Rapid Diagnostic Tests - RDTs) 500,000ක් පරිත්‍යාග කරන ලදී.

ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 300ක් වටිනා (ඇ.ඩො. මිලියන 1.5) මෙම පරීක්ෂණ, ඇමෙරිකානු රජයේ සංවර්ධන ආයතනය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනය (USAID) හරහා මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත භාරදෙන ලදී.

මෙම RDT, ජූලි 16දා වැඇමරිකානු ජනතාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ, මිලියන 1.5 ඉක්මවන මොඩර්නා එන්නත් ප්‍රමාණයට අමතරව ලබාදෙන පරිත්‍යාගයකි.

“ඇමරිකානු ජනතාව පරිත්‍යාග කළ මෙම පරීක්ෂණ, වෛරසය ශ්‍රීඝ්‍රයෙන් හඳුනාගැනීමේ හැකියාව ඇතිකිරීමෙන්, දිවි බේරාගැනීමටත් ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමටත් හේතු වනු ඇති,” යනුවෙන් USAID හි ශ්‍රී ලංකා සහ මාලදිවයින් අධ්‍යක්ෂ රීඩ් ඈෂ්ලිමන් මහතා සඳහන් කළේ ය. “ශ්‍රී ලංකා රජය වසංගතයට දක්වන ප්‍රතිචාරය සඳහා මීට පෙර එක්සත් ජනපදයෙන් ලබාදුන් සහය මත මෙම පරිත්‍යාගය පදනම් වී ඇති අතර, අප අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින ශක්තිමත් මිත්‍රත්වය ඉන් පිළිබිඹු වේ.”

ප්‍රතිදේහජනක නොහොත් ඇන්ටිජන් හඳුනාගත හැකි මෙම කඩිනම් රෝග විනිශ්චය පරීක්ෂණ, කොවිඩ්-19 වෛරසය පවතින්නේ දැයි සෘජුවම හඳුනා ගනියි. පාවිච්චිය පහසු මෙම පරීක්ෂණ, සෘජුවම පරීක්ෂා සිදුකිරීම සඳහා වේගවත් හා විමධ්‍යගත ප්‍රවේශයක් සලසා දෙයි. ඒ සඳහා අමතර උපකරණ හෝ විශේෂිත විද්‍යාගාර වුවමනා නොවන බැවින් ඉහළම පරීක්ෂා ආවරණයක් ලබාගැනීමට මේවා උපකාරී වේ.

වසංගතය ඇති වූ මුල් කාලයේ සිට ඇමෙරිකානු මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව සමගින් සමීපව කටයුතු කර ඇති අතර, ඩොලර් මිලියන 8ක් ඉක්මවන මුදලක හදිසි අවස්ථා සැපයුම් හා අත්‍යාවශ්‍ය සේවාවන් ද, වෙන්ටිලේටර් යන්ත්‍ර 200ක ද්‍රව්‍යමය පරිත්‍යාගයක් ද, මිලියන 1.5 ඉක්මවන මොඩර්නා එන්නත් ප්‍රමාණයක් ද ලබාදී තිබේ. කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීමටත්, ශ්‍රී ලාංකික ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීමටත්, වසංගතයේ අහිතකර ආර්ථික බලපෑම්වල හානි අඩුකරගැනීමටත්, සහ අවසාන වශයෙන් දිවි ගලවාගැනීමටත් මෙරට පළාත් නවයේ දිස්ත්‍රික්ක විසිපහේ ම ජනතාව කරා මෙම උපකාර ළඟා වී තිබේ.

RDT1 670px 21 07 22RDT1 670px 21 07 22RDT1 670px 21 07 22

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top