Jul 25, 2021

 සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධානී කිලී මහරාජා සමුගනියි

සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධානි රාජන්ද්‍රම් රජා මහේන්ද්‍රන් නෙහොත් කිලී මහරජා අද (25) උදැසන අභාවප්‍රාප්ත වී ඇත. 

කෝවිඩ් 19 ආසාදනය වීම නිසා පසුගිය දින කිහිපයේ බරපතල ලෙස රෝගාතුරව සිටි ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් එසේ ජිවිතක්ෂයට පත්ව ඇත.

ජිවිතක්ෂයට පත්වන විට 79 හැවිරිදි වියේ පසුවූ ඔහු  කෝවිඩ් 19 මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙකි.  

මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශාල පෙරළියකට මග හෙළිකරමින් සිරස නාලිකාව සමාජගත කලේ කිලී මහරජායි. ඔහු මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු ද වේ. 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top