Jul 25, 2021

හාල් පොල් වගේද තෙල්: ඔපෙක් එකේ වගේද මෙහෙ බැසිල් අසයි  

හාල් පොල් මිල අඩු කරන්නා සේ ඉන්ධන මිල දේශීය මැදිහත් වී පහළ දැමීමට අසීරු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඉන්ධන මිල අඩු කිරීමට තමන්ද කැමති නමුත් ඉන්ධන යනු ජාත්‍යන්තර වෙළෙඳපොළ සමග තිබෙන ගණුදෙනුවක් යැයිද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.

මෙරට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් හය දහසක් සේවය කරන බවද පැවසූ ඔහු ලෝකයේම ඉන්ධන පාලනය සිදුවන ඔපෙක් සංවිධානයේ ඉන්නේ සේවකයන් තුන්සීයකට අඩු පිරිසක් බවද සඳහන් කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top