Pasidol
Sathosa Ad Final Sinhala
Mar 16, 2017

කොටස් වෙළඳ පොළ තැරව්කාර සමාගම් අනාථවෙලා ! Featured

කොළඹ කොටස් වෙළෙඳ පොළ දරුණු කඩාවැටීමකට ලක්ව ඇතැයි කොටස් වෙළෙඳ පොලේ තැරැව්කාර සමාගම් කියා සිටී.
 
අදාළ කඩා වැටීම හේතුවෙන් එම සමාගම්වල කොළමින් පිට පළාත්වල පවත්වාගෙන ගිය කොටස් වෙළෙඳ පොළ තැරැව්කාර සමාගම්වල ශාඛා සියල්ලක්ම පාහේ වසා දමා ඇති බවද පැවසේ.
 
එසේම, එම සමාගම්වල සේවය කරනු ලබන සේවකයින්ට වැටුප් පවා ගෙවීමේ අපහසු තත්ත්වයක් උද්ගතව ඇති බවද අදාළ සමාගම් කිහිපයක ප්‍රධානීන් ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.
 
කොටස් වෙළඳපොළ කටයුතු අධීක්ෂණය කිරීම සහ විධමත් කිරීමට පිහිටුවා ඇති ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ කටයුතුවල අදූර්දර්ශී ක්‍රියා කොටස් වෙළඳ පොළ කඩා වැටීමට හේතුවී ඇති බවද තැරැව්කාර සමාගම් කියා සිටී.
 
උදාහරණයක් ලෙස සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට විමර්ශන අධ්‍යක්ෂ (Director Investigation) වරයකු පත්කර ගැනීමට පළ කර තිබූ පුවත්පත් දැන්වීමේ අමතර සුදුසුකමක් ලෙස පොලිසිය හා රහස් පොලිසිය සමඟ ගනුදෙනු කිරීමට ඇති හැකියාව දක්වා තිබූ බවත් එය ආයෝජකයින් බිය වැද්දීමක් බවත් ඔවුහු පෙන්වා දෙති.
 
ආයෝජකයින් කොටස් වෙළඳ පොළ තුළ මුදල් ආයෝජනය කර රහස් පොලිසියේ හෝ පොලිසිවල තපින්නට කැමැත්තක් නොමැති බවද කොටස් වෙළෙඳ පොලේ තැරැව්කාර සමාගම් කියා සිටී.
 
එසේම, කොටස් වෙළඳ පොලේ වැඩි කොටස් ප්‍රමාණයක් සඳහා ආයෝජකයකු මුදල් ආයෝජනය කළ විට එසේ ආයෝජනය කිරීමට හේතුවිමසා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ලිපි යැවීමේ තත්ත්වයක් ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයිද, එය ආයෝජකයින් අධෛර්‍යමත් කිරීමක් බවත් ඔවුන් කියා සිටියේය.
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top