Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Mar 16, 2017

'විදෙස් විනිසුරුවන් ගෙන්වා ගැනීමට හැකියාවක් නෑ' -මංගල

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවට විදෙස් විනිසුරුවන් ගෙන්වා ගැනීමේ හැකියාවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා එබව කියා සිටියේය.

මෙරට අධිකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව තුල දැඩි විශ්වාසයක් ගොඩ නැගී ඇති බවද ඔහු සඳහන් කළේය.

ජිනීවා මානව හිමිකම් සමුළුව සම්බන්ධයෙන් කරුණු දැක්විමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණ.

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්විය.

ඉදිරි වසර දෙක ඇතුළත මෙරට සංහිඳියා යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේය.

යාපනයේදි විරෝධතා :

මේ අතර යුද අපරාධ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්විමට විදේශ විනිසුරුවරුන් සහ එක්සත් ජාතින්ගේ සංවිධානය මැදිහත් කර ගත යුතු බවට ඉල්ලමින් අතුරුදන් වූවන්ගේ ඥාතීන් අද (03) යාපනයේදී විරෝධතාවක නිරතවිය.

අදාළ ඉල්ලිම එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.

යුද සමයේ සිදුව ඇතැයි කියන අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට තවත් අවුරුදු 02ක කාලය ලබා දීම වෙනුවෙන් තමන් විරුද්ධ වන බවද ඔවුන් ප්‍රකාශ කළේය.

වසර දෙකකට අධික කාලයක් තම ගැටලූව සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දීමට ආණ්ඩුවට නොහැකි වීම කණගාටුවට කරුණක් බව අතුරුදන් වූවන්ගේ ඥාතීන් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top