Pasidol
Sathosa Ad Final Sinhala
Mar 17, 2017

කොල්ලකරුවන් නෞකාව මුදාහරී

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ගෙන තිබූ ඒරීස් 13 නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය මුදාහැර ඇත.

නෞකාවේ කාර්ය මණ්ඩල නිලධාරී දිලීප නිශාන් රණවීර මහතා සදහන් කළේ තමන් ඇතුළු කණ්ඩායම නිරුපද්‍රිතව මුදාගැනීමට රජය ගත් උත්සාහ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවයි.

මේ අතර මුහුදු කොල්ලකරුවන් සහ සෝමාලියානු ආරක්‍ෂක අංශ අතර ඊයේ පස්වරුවේ අවස්ථා කිහිපයකදී වෙඩි හුවමාරු සිදුවිය.

නෞකාවට සෝමාලියානු ආරක්ෂක අංශ විසින් ප්‍රහාර එල්ල කිරීම නවතාලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) පියවර ගත්තේය. 

ජනපතිවරයා එසේ පියවර ගනු ලැබුවේ එම නෞකාවේ ශ්‍රී ලාංකික කපිතාන් නිකලස් මහතා දුරකතන ඔස්සේ සිදුකළ ඉල්ලීමකට අනුවය.

ඒ අනුව නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න මහතා බහරේන් හී පිහිටි ජාත්‍යාන්තර ඒකාබද්ධ මුහුදු ආරක්ෂක බලකාය හරහා සෝමාලියානු රජය සමඟ සාකච්ඡා කොට මෙම ප්‍රහාර නැවැත්වීමට කටයුතු යොදා තිබිණ.

මේ අතර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙම ප්‍රහාරය වැළැක්වීම සඳහා පුන්ට්ලෑන්ඩ් ප්‍රාන්තයේ නාවික හමුදාපතිවරයා සමඟ ද සාකච්ඡා කර ඇත.

මේ පිළිබඳ කටයුතු කිරීම සඳහා එක්සත් අරාබි එමිරේට්ස් හි සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා තෙල් නැව අයත් සමාගමේ මූලස්ථානයට ඊයේ ගොස් සිටියේය.

පැහැරගත් නෞකාව සෝමාලියාවේ බෝසාසෝ වෙත රැගෙන යමින් සිටින බව එහි කාර්ය මණ්ඩලය දැනුම් දුන් බව 'හිරු' රුපවාහිනිය ඊයේ රාත්‍රී වාර්තා කළේය. 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top