Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Mar 17, 2017

'ඇමැතිවරුන්ගේ ගැහිලි ගැන ජනපති නිහඬයි'

ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතිවරුන් කරන වංචා දූෂණ පිළිබඳව ජනාධිපතිවරයා දන්නවා, තේරෙන බව කිව්වත් ඒවා පිළිබඳව ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට අපොහොසත් වී ඇතැයි ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඒකාබද්ධ විපක්‌ෂය "ටොප් ටෙන්" වැඩසටහන යටතේ මහා පරිමාණ වංචා, දූෂණ දහයක්‌ හෙළිකර තිබෙන බවත්, එම වංචා, දූෂණවලින් රජයට රුපියල් කෝටි 1300 ක පාඩුවක්‌ සිදුවී ඇති බවත් සඳහන් කළේය.

ටොප් ටෙන් වැඩසටහනේ අවසාන හෙළිදරව්ව කිරීමට බොරැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (16 දා) පැවති ඒකාබද්ධ විපක්‌ෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.

''ජනාධිපතිවරයාගෙන් අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳව වහා පරීක්‌ෂණ පවත්වන ලෙසටයි. නැතිනම් දහයෙන් පසු අපිට දැඩි ක්‍රියාමාර්ග ගන්න සිදුවෙයි.'' ඔහු වැඩිදුරටත් පැවසිය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top