මේ රහස් සාකච්ඡාව අමාත්‍ය මණ්ඩල සංශෝධනය ගැන බවටද මේවන විට රාවයක් පැතිර තිබේ.
මේ වන විටද මෙම සාකච්ඡාවට මහින්ද සමරසිංහ මහතා එක්ව ඇතැයි පැවසේ.
සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට ද හදිස්සි කැඳවීමක් කර ඇතැයි වාර්තා වේ.
ඒ මහතා අද විවාහ මංගල්‍යකට ද සහභාගිවීමට සිටි බවත්, එහිද නොගොස් දක්ෂිණ අධිවේගී මඟ ඔස්සේ ඔහු කඩිමුඩියේම ජනපති කාර්යාලයට පැමිණ ඇති බව පැවසේ.
මේ අතර විදෙස් කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාද මේ සාකච්ඡාවට එක්කර ගැනීමට සොයා ඇතැයි විදෙස් කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සමරවීර මහතා අද පෙරවරුවේ අමාත්‍යංශයේ සිට ඇති බවත්, ඔහු සොයන අවස්ථාවේ එහි සිට නැතැයි ද මේ අතර වාර්තා වේ.