Pasidol
Sathosa Ad Final Sinhala
Mar 18, 2017

රෝයල් - තෝමියන් තරගයේදී සිසුවකුට මාරාන්තික ප්‍රහාරයක්

රාජකීය විදුහල හා ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහල අතර අද (18) එස්.එස්.සි. ක්‍රීඩාංගනයේ පැවති සීමිත පන්දුවාර තරඟ අතරදී තරඟ සංවිධාන කමිටුවේ සාමාජිකයකු විසින් සිසුවකුට මාරාන්තික පහරදීමක් සිදුකර ඇති අතර සිසුවා වහාම ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කර තිබේ.

රාජකීය විදුහලේ ක්‍රීඩකයකු වන තෙවිඳු සේනාරත්න අර්ධ ශතකයක් වාර්තාකළ අවස්ථාවේදී, ඔහුට සුබ පැතීම සඳහා ඔහුගේ පාසල් මිතුරන් පිරිසක් ක්‍රීඩා පිටියට කඩාවැදී තිබේ.

එම අවස්ථාවේදී තරඟ සංවිධායක කමිටුවේ සාමාජිකයකු වන සජිත් කුලරත්න නමැති ශාන්ත තෝමස් ආදී සිසුවකු, රාජකීය විදුහලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු අල්ලාගෙන අතින් පයින් පහරදී බිමපෙරලා පාදයෙන් හිසට ද පහරදී තිබේ.

අසාධ්‍ය තත්වයේ පසුවන සිසුවා සැත්කමකට භාජනය කිරීමේ සුදානමක් ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.

රාජකීයන්ට පරාජයක් :

'මස්ටන්ග් ශුරතාවය (mustangs trophy) වෙනුවෙන් ද 42වන වරටත් සංවිධානය කර තිබු අද පැවති සීමිත පන්දුවාර 50-50 තරඟයේදී රාජකීය විදුහල පරදා ලකුණු 11ක ජයක් වාර්තා කිරීමට ශාන්ත තෝමස් විදුහල සමත්විය.

සිය පාන්දුවාර 50 තුලදී කඩුලු 07ක් දැවී ලකුණු 258 රැස්කිරීමට ශාන්ත තෝමසුවන් සමත්වූ අතර රාජකීයන්ට සිය පන්දුවාර 50 තුලදී ලබා ගත හැකි වුයේ කඩුලු 09 කට ලකුණු 247ක් පමණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top