Connect with us

පුවත්

නිරිත දිග මෝසම් බලපෑම සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් තවදුරටත්

Published

on

ගංගා කිහිපයක ජල මට්ටම තවදුරටත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව අවධාරණය කළේ, ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසු විය යුතු බවය.

කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයේදී සුළු ගංවතුර මට්ටට ළඟා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ, තවලම ප්‍රදේශයෙන් ද ගිං ගඟ අවදානම් මට්ටමේ පවතින බවයි.

තල්ගහගොඩ සහ පානදුගම ප්‍රදේශවලින් නිල්වලා ගඟ අවදානම් මට්ටමට ළඟා වී ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් ද අවදානම් මට්ටමේ පවතින බවයි.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ,  මේ වනවිට දිවයිනේ ප්‍රධාන ජලාශ 6ක් වාන් දමමින් පවතින බවයි.

ඒ අතරට තබ්බෝව, උඩවලව, දැදුරුඔය, ඇතුළත් වේ.

පසුගිය දා ඇද හැලුණු වර්ෂාවෙන් වාරි ජලාශ 10% කින් පිරි ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

දිස්ත්‍රික්ක 7කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මකය.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර එම දිස්ත්‍රික්කයි.

මේ අතර දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණයෙන් පවුල් 11949 කට අයත් පුද්ගලයින් 44627 දෙනෙකු පීඩාවට පත්ව සිටි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඔවුන් ආරක්ෂිත ස්ථාන 17ක පුද්ගලයින් 2335 ක් රඳවා ඇති බවයි.

නිවාස 21කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 4472 කි.

මේ අතර නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි හා සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමල මොණරාගල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 50 – 60 තද සුළං ඇති විය හැකියි.

මේ අතර බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 80ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද පැයට කිලෝමීටර 60 – 70 ත් දක්වා ඉහළ යාමට හැකියාව ඇති බවයි.

පුවත්

සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා

Published

on

By

සිරි දළදා වන්දනාව අද (30) වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා හා දියවඩව නිලමේවරයා හමුව ඉල්ලීමක් කළ ද එය ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

දළදා වන්දනාව පැවැත්වෙන අවස්ථාවේ හදිස්සියේ ජනපතිවරයා මහනුවරට ගොස් තිබුණේ මේ සඳහා බවද පැවසේ.

සිරි දළදා වන්දනාව සිදු කරණ අවස්ථාවේ එය දීර්ඝ කිරීමට තීන්දු කිරීමට නම් මහ නාහිමිවරුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දියවඩන නිලමේවරයා සිටීම අවශ්‍ය බවද පැවසේ.
අදාළ පාර්ශවල අකැමැත්ත පරිදි සිරි දළදා වන්දනාව නියමිත පරිදි අවසන් කළ බව නෙත් 

කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය වාර්තා කර තිබේ.

Continue Reading

පුවත්

මැයි පෙළපාළි ගැන විශේෂ නිවේදනයක්

Published

on

By

ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාළි සඳහා පොලීසිය විසින් ආරක්ෂාවක් මෙන්න විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම පිට පළාත්වල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමට කටයුතු කරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට මේ වන විටත් පොලිස් මූලස්ථානය මගින් අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදී ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ කොළඹ නගරයේ පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව ස්ථාන 15කදී පැවැත්වීමට නියමිතව බවය.

කොළඹ නගරය හා ආශ්‍රිත ප්‍රදේශවල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැළි හා සැමරුම් උත්සව හේතුවෙන් යම් රථවාහන තදබදයක් ඇති වුවහොත් එම ප්‍රදේශ මගහැර විකල්ප මාර්ග ඔස්සේ රථවාහන ගමනාගමනය සිදුකිරීමට පොලීසිය රියදුරන්ට උපදෙස් දී තිබේ.

එමෙන්ම විකල්ප මාර්ග පිළිබඳව තොරතුරු අවශ්‍ය විටකදී රථවාහන පොලිස් නිලධාරින්ගෙන් සහාය ලබාගත හැකි බවද වැඩිදුරටත් දැනුම්දී ඇත.

Continue Reading

පුවත්

අදත් මි.මී 100ක තද වැසි

Published

on

By

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල අද (30) මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

දකුණු සහ බස්නාහිර පළාත්වලත් පුත්තලමදිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved