Sep 08, 2021

මහින්දානන්ද CID යට අල්ලාදුන් රෝෂණ දේශීය යතුරුපැදි හදන්න ගනියි Featured

දේශීය නිෂ්පාදන වැඩි දියුණු කිරීමේ රජයේ ප්‍රමුඛතාව මත දේශීය වශයෙන් ලබා ගත් කොටස් වලින් පිළිවෙලින් 35% ක් සහ 50% ක් යොදා ගනිමින් මෙරටදී නිෂ්පාදිත යතුරු පැදිය සහ ATV වර්ගයේ විශේෂ යතුරු පැදිය සෙනාරෝ මෝටර්ස් ආයතනය ඊයේ (07) එළිදක්වා තිබේ.

මෙම එළිදැක්වීමේ උළෙලට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගිවී සිටියේය.

රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුවේ දක්වා ඇත්තේ යතුරු පැදි නිෂ්පාදන ක්ෂේත්‍රයේ අපට රටක් ලෙස තවත් ඉදිරියට යා හැකි බව සෙනාරෝ මෝටර්ස් සමාගම පෙන්වා දි ඇති බවයි.

මෙම නිර්මාණයන් හරහා ජාත්‍යන්තරය වෙත ශ්‍රී ලංකාව රැගෙන යාමට දරණ එම ආයතනයේ උත්සාහය තමා අගය කරන බවද එහි දක්වා තිබේ.

Roshan 002Roshan 003සෙනාරෝ මොටර් කම්පැනි (Senaro Motor Company) අයත් සෙනාරෝ සමූහයේ සභාපතිවරයා වන්නේ රෝෂණ වඩුගේ මහතාය.

Roshan 005
ඒ මහතා යහපාලන සමයේ ලක් පොහොර සමාගමේ සභාපතිවරයාය.

කෙසේවුවද, පසුගිය වසරේ (2020) නොවැම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබිණි.

ඒ ලංකා පොහොර සමාගමේ සිදුකර තිබූ රුපියල් මිලියන 220ක වංචාවක් පිළිබඳ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කරන ලද පැමිණිල්ලකට අදාළව ඉන් මිලියන 90ක වංචාවක් පිළිබඳව සැකකරුවකු ලෙසය.

පසුව ඔහු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපදෙකක් මත මුදා හැරිනි.

විදෙස් ගමන් තහනම් විය.

Roshan 006

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top