Sep 15, 2021

ජාති ජාතිත් හරියන්නෙනෑ - ජනතාව; ඒ මනුෂ්‍යයෝ වෙන්න බෑ දෙපා සත්තු - ඇමති 

අක්කර සිය ගණනකට වාරි ජලය සපයන අම්පාර තිස්සපුර රජ වැව පාමුල මතස්‍ය තටාක ඉදිකර වැව අවදානමකට ලක්කර ඇති බවට එම ප්‍රදේශයේ ගොවීහු චෝදනා කරමින් එම තටාක වෙත මිරිදිය මසුන් මුදාහැරීමට පැමිණි වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට ඊයේ (14)  විරෝධය දැක්වීය.

“තොපිට ජාති ජාතිත් හරියන්නේ නෑ මේ කරන අපරාධයට" යනුවෙන් එහි සිටි විරෝධතතා කරුවෝ අමාත්‍යවරයා ඇතුළු පිරිසට දෙස් දෙවොල් තියන්නටත් හූ කියන්නටත් පටන් ගැනීම නිසා මිරිදිය මසුන් මුදාහැරීමට පැමිණි අමාත්‍යවරයා හා පිරිස ඉන් ඉවත්ව ගියේය.

මෙලෙස ප්‍රතිචාර දක්වූ ගොවීන් වැව් රක්ෂිතයේ මිරිදිය මත්ස්‍ය තටාක ඉදිකිරීමෙන් වැව් බැම්ම බිදී යාමටත් වගා ජලය අහිමි වීමටත් ඉඩ ඇති බවින් එය නොකරන ලෙස ඉල්ලා සිටියේය.

සැබෑ ගොවි සංවිධාන මගහැර වැවට හානි වන ලෙස සිදුවන මෙම ව්‍යාපෘතියට වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අනුග්‍රහය දැක්වීමෙන් විශාල හානියකට පිළිගැනීමක් ලැබෙන බව ගොවීහු පවසති.

පසුව ඊයේ (14) සවස පොතුවිල් මුහුදු මහා විහාරයට ගිය වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පැවසුවේ ඔවුන්ට ජීවනෝපායක් සකස් කර දීමට තමත් උත්සාහ කළ බවය.

එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යන අවස්ථාවේදී එයට යම් කිහිවකු හූ කියන්නේ නම් ඔවුන් මනුෂ්‍යන් විය නොහැතකි බවත් ඔවුන් දෙපා සත්තු බවටත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කීය.

වීඩියෝ අනුග්‍රහය - නිවුස් ෆස්ට්

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top