Sep 15, 2021

යාපනේ උපන් කම්සාජිනි නොර්වේ පාර්ලිමේන්තුවට! Featured

යාපනයේ උපත ලබා නෝර්වේ රාජ්‍යයේ ජීවත්වන කම්සාජිනි ගුණරත්නම් පසුගිය 12 වැනිදා පැවති නොර්වේ මහ මැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට සමත්වූවාය.
 
එරට කම්කරු පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඇය 2015 දී ඔස්ලෝ නුවර නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස ද සේවය කළා ය.
 
තවමත් 33 හැවිරිදි වියේ පසුවන ඇය ශ්‍රී ලංකාවේ ඉපිද සරණාගතයෙකු ලෙස නෝර්වේ වෙත ගොස් ඇත්තේ ඇයට වයස අවුරුදු තුනේදී ය.
 
ඇගේ දෙමාපියන් උතුරු නෝර්වේහි ධීවර කර්මාන්තයේ යෙදී සිටි දෙමළ සරණාගතයින් වේ.
 
කෙසේවුවද, කම්සාජිනිට නෝර්වේහි දේශපාලනය සමඟ සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක් ලෙස නැවත ලංකාවට ඒම පවා වරක් තහනම්ව තිබේ.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top