Sep 15, 2021

පරිප්පු මිලත් තවත් ඉහලට; ගෑස් මිල තව වැඩිවෙයි?

පරිප්පු මිල දේශීය වෙළඳපොලේ තවදුරටත් ඉහළ යනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය කියා සිටී.

මේ වන විට වෙළෙඳ පොළේ පරිප්පු කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 250ක් පමණ වූ මිලකටය.

සංගමය පෙන්වා දෙන්නේ මෙරටට පරිප්පු ආනයනය කරන්නේ කැනඩාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් බවත් කැනඩාවේ පරිප්පු අස්වැන්න අඩුවීම හා ලෝක වෙළද පොලේ මිල ඉහළ යාම හේතුවෙන් මෙරට මිලද ඉහල යනු ඇති බවය.

දේශීය වෙළඳපොලේ ගෑස් මිල ඉහළ නැංවිම සඳහා මෙරට සමාගම් විසින් රජයෙන් අවසර ඉල්ලා තිබේ.

මේ අතර, ලාෆ් ගෑස් සමාගම මෑතක දී මිල වැඩි කිරීමක් සිදු කළ ද ඔවුන් සඳහන් කරන්නේ තවදුරටත් පාඩු ලබමින් සිටින බවයි.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරන්නේ ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහළ යාම නිසා ගෑස් මිල ඉහළ නැංවිය යුතු බවට සමාගම රජයට යෝජනා කර ඇති බවයි.

මේ පිලිබදව තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු සඳහන් කර සිටී.

මේ අතර ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව පෙන්වා දෙන්නේ ගෑස් සමාගම් දෙක ඒකාබද්ධ කර නව ආයතනයක් පිහිටුවා ඇති බවයි.

ඒ හරහා ලිට්රෝ සමාගම අනාගතය සම්පූර්ණයෙන්ම අනතුරේ හෙලා ඇති බවද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top