Sep 15, 2021

චමල් - සුදර්ශන සිටි හෝටලයට බෝම්බේ ගෙනාවේ ත්‍රී'මලේ අයෙක්

නාරාහෙන්පිට ලංකා හොස්පිට්ල් පළමු මහලේ වැසිකිළියක තිබී සොයාගත් ජීව අත් බෝම්බය රැගෙන ආ බවට සැකකරනු ලබන පුද්ගලයකු නාරාහෙන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.
 
අත්අඩංගුවට ගත් තරුණයා ත්‍රීකුණාමලයේ උප්පවේලි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු රෝහල ආසන්නයේ ඉදිකිරීම් වැඩ බිමක සේවය සඳහා මීට සති දෙකකට පෙර පැමිණ ඇති බවද සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන විමර්ශන කණ්ඩායම් රෝහලේ සී.සී.ටී.වී. පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව සැකරු අත්අඩංගුවට ගෙන ඇත.

බෝම්බය සොයා ගන්නා අවස්ථාවේදී එහි ආරක්‍ෂිත පින් එක ගලවා මදුරු කොයිල් කොටසක් එයට දමා රබර් පටිවලින් ඔතා එය විසි කිරීමෙන් ක්‍ෂණිකව පුපුරා යන පරිදි සකස් කර තිබූ බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන විමර්ශන නිලධාරීහු පවසති.

බෝම්බය හමුවන මොහොත වන විට වාරිමාර්ග ඇමැති චමල් රාජපක්‍ෂ මහතා හා ගුවන් හමුදාපති එයාර්මාෂල් සුදර්ශන පතිරණ මහතා කොවිඞ් ආසාදිතව මෙම පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවද වාර්තාවේ.

මූලාශ්‍රය - දිවයින

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top