Sep 15, 2021

නමක් ගමක් නැති ඇමැතිකෙනෙක් අස්කරන්නැයි සජිත් ජනපතිට කියයි! Featured

අනුරාධපුර බන්ධනාගාරය තුළ නීතිවිරෝධී ලෙස හැසිරුණු රාජ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.

සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් විපක්ෂනායකවරයා පවසන්නේ මෙම ක්‍රියාව ශ්‍රී ලංකාවේ වර්තමාන මානව හිමිකම් කඩා වැටීම පිළිඳ නිදසුනක් බවයි.

 “අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේ රජයේ ඇමතිවරයෙකුගේ නින්දිත හා නීති විරෝධී හැසිරීම මම තරයේ හෙළා දකිමි. මෙම පිළිකුල් සහගත, නීති විරෝධී ක්‍රියාව අපේ රටේ පවතින අරාජික තත්ත්වය හොඳින් විදහා දක්වයි.

අපේ මාතෘ භූමියේ සියලුම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙම රජයට පැවරී ඇත. මෙම නීති විරෝධී සහ නින්දිත ක්‍රියාව අපේ රටේ වර්තමාන මානව හිමිකම් තත්ත්වය සීඝ්‍ර ලෙස පහත වැටීම පිළිබඳ තවත් නිදර්ශනයකි.

මෙම ඇමතිවරයා වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමි.”

කෙසේවුවද, සජිත් ප්‍රේමදාස මහතා සිද්ධිය සම්බන්ධයෙන් පවසා ඇතත් ඊට සම්බන්ධ ඇමතිවරයාගේ නම හෙළිකර නොමැත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මෙන්ම ඊට සම්බන්ධ ඇමතිවරයා බන්ධනාගාර රාජ්‍ය ඇමති - ලොහාන් රත්වත්ත මහතා බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක - පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා විසින් ට්විටර් පණිවිඩ පෙළක් පළ කරමින් ඊයේ (14) අනාවරණය කර තිබිණි.

Sajith Screenshot 15 09 21

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top