Sep 27, 2021

තලෙයිබාන් සංවිධානයෙන් රැවුල් බෑමටත් නීති! Featured

තලේබාන් සංවිධානය රැවුල් බෑම සම්බන්ධයෙන් නව නීති පනවා ඇති බව වාර්තා වේ.

ඔවුන් ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් පළාතේ බාබර් සාප්පු හිමියන් වෙත දන්වා ඇත්තේ රැවුල් සම්පූර්ණයෙන් කැපීමෙන් හෝ අඩුකිරීමෙන් වළකින ලෙසයි.

මේ සම්බන්ධයෙන් හෙල්මන්ඩ් පළාතේ බාබර් සාප්පු වල නිවේදනයක් ද අලවා ඇති බවත්, හිසකෙස් හා රැවුල් කැපීමේදී ෂරියා නීතිය අනුගමනය කළ යුතු බව එහි දැක්වෙන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

රැවුල් බෑම මගින් ඉස්ලාමීය නීතිය පිළිබඳ ඔවුන්ගේ අර්ථ නිරූපණය උල්ලංඝනය කරන බව තලෙයිබාන් සංවිධානය පවසා ඇති අතර, මෙම නීති උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට දඬුවම් නියම කරන බව තලේබාන් ආගමික පොලිසිය පවසයි.

කාබුල් අගනුවර ඇතැම් බාබර් සාප්පු හිමියන් පවසා ඇත්තේ තමන්ටද එවැනි නියෝග ලැබුණු බවයි.

වසර 1996 - 2001 දක්වා පැවති තලෙයිබාන් මුල් පාලන කාලය තුළද විවිධාකාර කොණ්ඩ විලාසිතා තහනම් කරන ලෙසත්, පිරිමින් හට රැවුල් වවන ලෙසත් නියෝග කෙරුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top