Sep 27, 2021

මිරිහානේ ඩ්‍රෝන් යැවූ 2ක් පොලිස් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කළ සැකකරුවන් දෙදෙනෙකු මිරිහාන වැලි පාර්ක් උද්‍යානයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඩ්‍රෝන කැමරාව ද සිය භාරයට ගත් බවය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 සහ 33 වයස්වල පසුවන මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top