Sep 27, 2021

ජාත්‍යන්තර හමුදා බොක්සිං තරගාවලියෙන් ලංකාවට පදක්කමක්

රුසියාවේ මොස්කව් නුවර පැවති ජාත්‍යන්තර හමුදා බොක්සිං තරඟාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගයනි කලුආරච්චි විසින් ලෝකඩ පදක්කමක් දීනා ගැනීමට සමත්වූවාය.

ඇය කිලෝග්‍රෑම් 75 බර පන්තියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ බිමට පිවිස තිබුණි.

ගයනි කලුආරච්චි කිලෝ ග්‍රැමි 75 බරපංතිය යටතේ ආරක්ෂක සේවා බොක්සිං තරගාවලිය 2018, ලේටන් කප් බොක්සිං තරගාවලිය 2019 සහ ක්ලිපර්ඩ් කප් බොක්සිං තරගාවලිය 2019 යන තරගාවලින් ජයග්‍රනය කරමින් ජාතික හා ජාත්‍යන්තර තරග අත්දැකිමි බහුල ක්‍රිඩිකාවක් ලෙස මෙම තරගාවළියට එක්විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top