Mar 22, 2017

මෛත්‍රී පුටින් බලන්න රටින් යයි !

රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා විසින් කරනු ලැබූ විශේෂ නිල ආරාධනයක්ට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියාවේ නිල සංචාරයක් සඳහා අද (22) පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට රුසියාවේ සංචාරයක් සදහා නිල ආරාධනයක් හිමිව ඇත්තේ දශක හතරකට පසුවය.

වසර 1974 දී එවකට අගමැතිණියව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් පසුව ශ්‍රීලංකා රාජ්‍ය නායකයෙකු රුසියාවේ නිල සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙය බව පැවසේ.

ජනපතිවරයා මෙය දෙරට අතර විදෙස් සම්බන්ධතාවල විශේෂ සංධිස්ථානයක් කරගනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව අපේක්ෂා දල්වාගෙන සිටින බවද මේ අතර වාර්තා වේ.

මෙම සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාවට සුවිශේෂි වාසි අත්වන ආර්ථික, වෙළෙද, සංචාරක, විද්‍යා හා තාක්ෂණික, අධ්‍යාපනික හා සංස්කෘතික යන ක්ෂේත්‍රවලට අදාළ ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 60 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයකට ද සිරිසේන මහතා මෙම සංචාරය තුළදී සහභාගීවන අතර ඊට අමහතරව දෙරට අතර වෙළෙද හා ව්‍යාපාරික සබදතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රුසියා ව්‍යාපාරික සංසදය විසින් සංවිධානය කරන ව්‍යාපාරික හමුවකට ද එක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටී.

ඉතා අඩු ණය බරක් සහ ශක්තිමත් අපනයන ආදායමක් ඇති රුසියාව ලෝකයේ විශාලතම ඛනිජ සහ බලශක්ති සංචිතයන්ට හිමිකම් කියන අතර ලොව 11 වැනි විශාලතම දළ ජාතික නිෂ්පාදිත ආර්ථිකයක් පවතින රටද වේ.

මෙහි කලාවට හා විද්‍යාවට විශිෂ්ට සම්ප්‍රරදායක් පවතින අතර තාක්ෂණික නිමැවුම් පිළිබද දැඩි නැඹුරුවක් පවතී.

ශ්‍රී ලංකාව සහ සෝවියට් රුසියාව අතර සබදතා ඇරඹෙන්නේ 1956 වසරේදීය.

අද වන විට දෙරට අතර ප්‍රරශස්ත ආර්ථික සබදතාවයක් පවතින අතර ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් 17%ක පමණ වෙළෙදපොළ දායකත්වයක් රුසියාව සපයයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top