Mar 22, 2017

මහින්දට ඇමරිකාවට එන්න එපා කියලා ! Featured

අත්අඩංගුවට ගැනීමේ අවධානමක් පවතින බැවින් ඇමරිකාවට නොඑන්නැයි ඇමරිකාවේ වැඩවසන බෞද්ධ හිමිනමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලිමක් කර ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

පුජ්‍ය වල්පොල පියනන්ද හිමියන්ගේ ධර්ම විජය පදනමේ ආරාධනයක් මත කැලිෆෝනියාවේ විහාස්ථානයක ආගමික උත්සවයක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඇමරිකාව බලා යාමට නියමිතව සිටි අතර ඔහුගේ නියෝජිතයින් කිහිප දෙනෙකු පසුගියදා එහි නගරාධිපති හමුවී මෙම සංචාරය පිළිබඳව සාකච්ජා කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා මානව හිමිකම් කඩකර ඇති බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව කිසියම් සංවිධානයක් හෝ පුද්ගලයකු අධිකරණයට ගොස් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ලබාගැනීමට ඇති හැකියාව පැහැදිලිකර ඇති නගරාධිපතිවරයා, මේවනවිට හිටපු ජනාධිපතිවරයාට රාජ්‍යතන්ත්‍රීක භුක්තියක් හිමි නොවන බැවින් එවැනි අවධානමක් නොගන්නැයි දැනුම්දී ඇත.

ඒ අනුව මෙම ආගමික උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

පුජ්‍ය වල්පොල පියනන්ද හිමියන් හිටපු ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර ආගමික උපදේශක සහ ඇමරිකාවේ ප්‍රධාන සංඝනායකවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top