ඒ අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් නීතිපතිවරයා වෙත සිහි කැඳවීමක් යවනු ලැබුවාය.
ක්‍රිෂ් ගනුදෙනුව පසුගිය ආණ්ඩුව යටතේ සිදුවුණු අතර එමඟින් මිලියන 70ක මුදලක් අවභාවිත කෙළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් නඩු පවරා ඇත.
නඩුව ජූලි 31 වැනිදා යළි කැඳවීමට නියමිතය.
ක්‍රිෂ් ගනුදෙනුව මඟින් මිලියන 70ක මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා විසින් අවභාවිත කළේ යැයි කියන සිද්ධියේ විමර්ශන කටයුතු අවසන් කර උද්ධෘත නීතිපති වෙත යවා ඇති බවත් ඒ සම්බන්ධ නීතිපති උපදෙස් තවමත් ලැබී නොමැති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පසුගියදා අධිකරණයට දැනුම් දෙනු ලැබුවේය.
Leave a comment
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362