Mar 23, 2017

අංගොඩ ලොක්කා හා පිරිස රට පැනලා

පාතාල නායක සමයං නොහොත් අරුණ දමිත් උදයංග පතිරණ ඇතුළු හත්දෙනෙකු ඝාතනය කළ අංගොඩ ලොක්කා නොහොත් ලසන්ත චන්දන පෙරේරා හා කිහිපදෙනෙකු අදාළ ප්‍රහාරයෙන් පසුව ඉන්දියාවට පැනගොස් ඇති බව මේවන විට හෙළිව ඇති බව විශේෂ කාර්ය බලකා බුද්ධිඅංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාළ, කරුණ හෙළිව ඇත්තේ ඊයේ (22) අත්අඩංගුවට ගත් අතුරුගිරියේ බංටි හෙවත් කුරුප්පුගේ චතුරංග පුෂ්පකුමාර මැන්ඩිස් අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්නකිරීම් වලදීය.

සමයං ඇතුළු පිරිසට ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව ඝාතකයන් ඵලාගිය වෑන් රථය මොරගහහේන ප්‍රදේශයේ දමා ලොක්කා ඇතුළු පිරිසක් බෝට්ටුවකින් ඉන්දියාවේ සිටි තෙල්බාලාගේ බෝඩරය වෙත ගොස් එතැනින් ජාත්‍යන්තර මුහුද ඔස්සේ වෙනත් රටකට පැනගිය බව අනාවරණය වී ඇත.

වසර 2010 දී අපරාධ ලෝකයට ප්‍රවිශ්ට වී ඇති අල්ලාගත් සැකකරු වන බංටි 2012 දී ගමේ ඇති වූ ගැටුමක දී රුවන් නමැති අයකු ඝාතනය කර සිරගත වී ඇති බවත් යළිත් බත්තරමුල්‍ලේ වෙඩි තැබීමකට බන්ධනාගාරගත වූ පසුව අංගොඩ ලොක්කා කල්ලිය සමඟ සබඳකම් පවත්වා ඇති බවත් හෙළි වී ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top