Oct 13, 2021

වර්ජනය අඛණ්ඩව! Featured

ගුරු විදුහල්පති සන්ධානයේ වෘතිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කරයි.

රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට එක්වෙමින් අද (13) ඒ මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

"පැහැදිලිව ම අපි තීරණයක් අරන් තියෙන්නේ, ගුරු සහ විදුලහල්පති සන්ධානය හැටියට අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය අපි ඉදිරියට අරන් යනවා. 21 වෙනකොට අපි ඉල්ලන ඉල්ලීම දුන්නේ නැත්නම්, 21 පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා ගුරු විදුහල්පති සන්ධානය යනවා ද? නැද්ද? කියන එක.නෑ අපේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට කරන් යනවා. අපි දැන් දින 94ක් අදට. මේ ඔන්ලයින් ක්‍රියාවලිය මීට කලින් විසඳාගන්න තිබුණා මේ සාකච්ඡා කලින් කරලා තිබුණා නම්. අනුකාරක සභාවේ යෝජනාව කැබිනට් මණ්ඩලය සම්මත කළේ අගෝස්තු 30. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේ කොච්චර කාලෙකට පස්සේ ද? අපි දිගින් දිගටම සාකච්ඡාවක් ඉල්ලුවා. සාකච්ඡාවක් ලබාදීම ප්‍රමාදවීම තුළ තමයි මේක ඉස්සහට ගියේ."

ගුරු විදුහල්පති වැටුප් විසමතා ඉවත් කිරීම සඳහා පත් කළ අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව පරිදි කොටස් තුනකින් වැඩි කිරීමට යෝජිත වැටුප පළමු අදියරයට 2022 වර්ෂයේ අය - වැය මඟින්ද ඉතිරි කොටස් දෙක 2023 වර්ෂයේ අය වැය මඟින් එම වසරේදීද ලබා දීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතවරු අරලියගහ මන්දිරයට ඊයේ (12) කැඳවා අගමැතිවරයා පවසා තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top