Oct 13, 2021

පැලවත්ත නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙයි !

කිරිපිටි මිල පාලනය ඉවත් කිරීමෙන් පසුව දේශීය කිරි නිෂ්පාදන සමාගමක් වන පැලවත්ත ඩේරි සමාගම නිෂ්පාදනය කරනු ලබන පැලවත්ත කිරිපිටි මිලද ඉහල දැමීම සම්බන්ධයෙන් ජනතා අප්‍රසාදය මතුව තිබේ.

එම සමාගම විසින් කිරිපිටි ආනයනය කර ඇසුරුම්කර බෙදාහරිනු ලබන සෙසු ආයතන මෙන්ම මැදි ආදායම් ලාභීන් අතර ජනප්‍රිය කිලෝ ග්‍රෑම් 400 කිරි පැකට්ටුව රුපියල් 380/- සිට 460/- දක්වා රුපියල් 80 කින් මිල ඉහල දමා ඇත.

මේ ඉහල දැමීම සම්බන්ධයෙන් පැලවත්ත ඩේරි සමාගමේ නිල ෆේස්බුක් පිටුවටම අදහස් දක්වමින් විවේචන එල්ලකර තිබේ.

එවැනි විවේචන කිහිපයක් පහත දැක්වේ.

Palawatte Screenshot 2021 10 13 at 11.28.52

Palawatte Screenshot 2021 10 13 001

Palawatte Screenshot 2021 10 13 002

මේ අතර, පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීලී වික්‍රමනායක මහතා මීට පෙර වරින්වර මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් මෙරටට අවශ්‍ය කිරිපිටි, දියර කිරි, චීස්, බටර් ඇතුළු කිරි නිෂ්පාදන 100%ක් සපුරාලීමට තම සමාගමට හැකියාව ඇති බවට ප්‍රකාශයක්ද කර තිබිණි.

වික්‍රමනායක මහතා දේශීය නිෂ්පාදන හා සමාගම් වෙනුවෙන්ම පිහිටුවාගත් මවුබිම ලංකා පදනමේ සභාපතිවරයාද වෙයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top