Oct 13, 2021

බෙල්ලන්විල පන්සලෙන් අත්බෝම්බයක් සෙයාගනියි!

බෙල්ලන්විල රජ මහ විහාර භූමියේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ විහාර භූමිය පවිත්‍ර කරමින් සිටි පුද්ගලයෙකුට එම අත්බෝම්බය හමුවී ඇති බවය.

එම අත්බෝම්බයේ කොටස්වල මළ බැඳී තිබුණු බවත් එය මීට කලකට පෙර එම ස්ථානයට දමන්නට ඇති බවත් පොලිසිය විශ්වාස කරයි.

කෙසේ වෙතත්, එය තවමත් ජීව තත්ත්වයේ පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

යම් පුද්ගලයෙකු එය විහාර භූමියට පිටත සිට විසි කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top