Oct 13, 2021

කිරිපිටි හිගය තවදුරටත්

මෙම සති අන්තය වනවිට හිගයකින් තොරව පාරිභෝගිකයින්ට වෙළඳපලෙන් කිරිපිටි මිලදී ගැනිමට හැකියාවක් ලැබෙනු ඇති බව කිරිපිටි ආනයනකරුවන් සංගමය සඳහන් කරයි.

ටොන් 8,000ක කිරිපිටි හිගයක් පවතින වෙළඳපලකට සීමිත දින ගණනකින් එකවර කිරිපිටි තොග විශාල ප්‍රමාණයක් නිකුත් කළ නොහැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසයි.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වෙළඳසැල් තුළ තවමත් අලෙවි කිරීමට කිරිපිටි නොමැති බවද ඇතැම් ප්‍රදේශවල දේශීය කිරිපිටි පැකට් එක බැගින් අලෙවි කරන බවද වාර්තා වේ.

ඒවා මිලදී ගැනීමට එවැනි වෙළඳසැල් අසල පාරිභෝගිකයින්ගේ දිගු පෝළිම් පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top