Oct 13, 2021

කට වටේට ටේප් එතූ මළ සිරුරක් මා ඔය ඉවුරෙන් හමුවෙයි. Featured

කට වටේට ටේප් එතූ පුද්ගල මළ සිරුරක් වරකාපොල තුල්හිරිය මා ඔය ඉවුරේ තිබියදී පොලිසිය විසින් අද (13) සොයාගෙන තිබේ.

මා ඔය අසලට පැමිණි පුද්ගලයෙකු විසින් මේ මළ සිරුර සම්බන්ධ තොරතුරු පොලිසියට ලබා දී තිබිණි.

ඒ අනුව වරකාපොල පොලීසිය එම ස්ථායට ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

බුවනෙක රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ අතර වැඩිදුර පරික්ෂණ සඳහා දේහය කෑගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමට නියෝග කෙරිණ.

මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි පන්විල පොලිස් වසමේ පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top