Oct 14, 2021

රට රස්සාවලට පනින්න දිගු පෝලිම්; "දැන්ම නොගියොත් යන්න බැරි වෙයිලු"

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මාසයක කාලයක් තාවකාලිකව වසා දමා තිබූ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය පසුගිය 11 වැනිදා සිට යළි ආරම්භ වීමත් සමඟ විශාල පිරිසක් ඊයේ (13) එහි පෝලිම්වල රැඳී සිටියේය.

මෙම පිරිස් ඊයේ අලුයම එකේ සිට විදේශ කටයුතු අමාත්‍යාංශය අසලට පැමිණි බව මෙහි රැස්ව සිටි තරුණ තරුණියෝ පැවැසූහ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පිරිස් මෙසේ පැමිණ සිටි අය අතර වූහ.

උප්පැන්න සහතික, අධ්‍යාපන සුදුසුකම් සහතික කර ගැනීම ආදී කොන්සියුලර් සේවා එම කාර්යාලයෙන් සිදු කෙරේ.

එහි සිටි ඇතැම් පිරිස් දැඩිව ආණ්ඩුව විවේචනය කළ අතර "දැන්ම රට රස්සාවකට නොගියොත් ඉදිරියේදී යන්න බැරිවෙතැයි" යන බියෙන්ද පෙළෙන අය ඒ අතර සිටීම විශේෂිතය.

 
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top