Mar 24, 2017

අංගොඩ ලොක්කා සමඟ අතුරුගිරියේ ලඩියත් රටින් පනියි Featured

පාතාල නායක සමයං නොහොත් අරුණ දමිත් උදයංග පතිරණ ඇතුළු හත්දෙනෙකු ඝාතනය කළ අංගොඩ ලොක්කා නොහොත් ලසන්ත චන්දන පෙරේරා සමඟ තවත් පාතාල නායකයකු වන අතුරුගිරියේ ලඩියාද රටින් පැනගොස් ඇති බව විශේෂ කාර්ය බලකා බුද්ධිඅංශ අනාවරණයකරගෙන තිබේ.

අතුරුගිරිය ලඩියාද මේ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු බව පැවසේ.

ඔවුන් දෙදෙනා මෙසේ පැනගොස් ඇත්තේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුහුදු යාත්‍රවල සහයෙන් බවත් හෙළිව ඇත.

ලංකාව හා අවට රටවල මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදෙන පාතාල නායක මාකඳුරේ මධූෂ්ට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහය ඇති බවත් ඔවුන් හරහා අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලඩියා පැනගොස් ඇතැයි පැවසේ.

ඔවුන් දෙදෙනා ඉන්දියාවේ තෙල් බාලාගේ අණසක පැතිරුණ තෙල් බාලා බෝඩර්  නැමැති ප්‍රදේශයට බෝට්ටුවලින් මුලින් ගොස් එතැනිනි ආරක්ෂිත ස්ථානයක් කරා මධුෂ් විසින් ගෙන්වාගෙන ඇතැයි පරීක්ෂක කණ්ඩායම් හෙළිකරගෙන තිබේ.

කෙසේවුවද, මේ ප්‍රහාරය මෙහෙයවූ බව කියන මාකඳුරේ මධූෂ් ප්‍රහාරයෙන් පසුව අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලඩියා බෝට්ටු මගින් සුරක්ෂිත ස්ථානයකට රැගෙන යන බව පවසා තිබූ බවද වාර්තා වේ.

මධූෂුත් ලංකාවට ඇවිත් ගිහින්

මේ ප්‍රහාරය සැලැසුම් කළ බව කියන ඩුබායි හි ජීවත්වන මාකඳුරේ මධූෂ් ද ප්‍රහාරයට පෙර බෝට්ටු මගින් ලංකාවට ඇවිත් ගොස් ඇති බවටත් තොරතුරු ඇතැයි පැවසේ.

සබැඳි පුවත්
අංගොඩ ලොක්කා හා පිරිස රට පැනලා

සමයං මැරූ හැටි බංටි පාපොච්චාරණය කරයි : ලඩියාත් වැඩේට හවුල්

අංගොඩ ලොක්කා සමයං මරන්නේ ඇයි ?

"අංගොඩ ලොක්කා” කියන්නේ කවුද ?

බංටිගෙන් සමයං ඝාතනයේ රහස් රැසක් හෙළිවෙයි

අංගොඩ ලොක්කාගේ ඇඟිලි සලකුණු හමුවෙයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top