Sathosa

Mar 24, 2017

'FCID පැමිණිලි 70ක් ඉවත් කරගන්න යනවා' - අනුර Featured

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඉදිරිපත් කළ පැමිණිලි 70ක ප්‍රමාණයක් ඉවත් කිරීමේ තීරණයක් ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක අනාවරණය කරයි.

එම පැමිණිලි පිළිබඳ විමර්ශනයක් නොකර එලෙස ඉවත් නොකළ යුතු බව ජවිපෙ නායකයා අවධාරණය කර සිටියි.

යම් පැමිණිල්ලක් සාක්ෂි සහිතව ඉදිරිපත් කළ පසු ඒවා විධිමත් විමර්ශනයකට යොමු කිරීම අදාළ බලධාරීන්ගේ වගකීම බවද දිසානායක මහතා පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ එසේ පැමිණිල්ලක් හෝ පැමිණිලි කිහිපයක් කිසිදු විමර්ශනයකින් තොරව බැහැර කරනවා නම් ඊට අදාළ හේතුව කවරක්ද යන්න දැනගත යුතු බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top