Sathosa

Mar 25, 2017

''දැඩි ආර්ථික අර්බුදයක් : හම්බන්තොට විකිණිය යුතුමයි'' Featured

හම්බන්තොට වරාය චීනයට පවරන ගණුදෙනුව මේ වසර ඇතුලත සිදු නොවුනහොත් මෙරට ජනතාවට ආර්ථික වශයෙන් විශාල ගැටළුවකට මුහුණ දෙන්නට සිදුවනු ඇති බව මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ හම්බන්තොට වරාය ගනුදෙනුවෙන් මෙරට ආර්ථිකයට විශාල ධනාත්මක බලපෑමක් කරනු ඇති බවයි.

මෙම ගණුදෙනුවෙන් මෙරට විදෙස් සංචිත හොඳ තත්වයට පැමිණෙන බවද කී ඔහු අදාල ගිවිසුම අත්සන් කරන විටම ඩොලර් මිලියන 100ක්, මාස 03 කට පසු ඩොලර් මිලියන 300ක්, මාස 06කට පසු ඉතිරි ඩොලර් මිලියන 700ද ලැබෙන බවද කියා සිටියේය.

ස්ථිර වශයෙන්ම ඩොලර් මිලියන 400ක් මේ වසරේදී ලැබෙන බවද ඔහු සහතික කලේය.

වරාය විකිණීම වැලැක්වීය යුතුයි :


කෙසේවුවද, රට විකුණන පුද්ගලයින් අදත් ඉන්නා බැවින් වරාය විකිණීම වැලැක්වීමට සැවොම එක්වන්නැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉල්ලා සිටියි.

පසුගිය කාලයේ මෙන්ම අදත් රටට විනකටින පුද්ගලයින් සිටින බැවින් ඔවුන්ගෙන් රට ආරක්ෂා කරගත යුතු බව ඔහු පැවසුයේ, ඊයේ (24)  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක නිලධාරීන්ගේ විසිර යෑමේ උත්සවයට එක්වෙමිනි.

''රටේ වුණත්, ආණ්ඩුවක වුණත් වෙනසක් කරන්න නම් මූලිකවම හොරකම නවත්වන්න අවශ්‍යයයි. මම කියන්නේ නැහැ ඉස්සර පමණයි හොරු හිටියේ කියලා. අදත් හොරු ඉන්නවා. එදා හිටපු හොරු අදත් ඉන්නවා.

අපි ඒ අයට විරුද්ධව කෙලින් හිටගන්න ක්‍ර‍මවේදයක් ඇති කළ යුතුයි. නැත්නම් කවදාවත් අපිට මේ රට හදාගන්න වෙන්නේ නැහැ. අපි දරුවන්ට ඉතිරි කරලා යන්නේ හොරකමින් පිරුණු රටක්ද කියන එක ගැන අපි කල්පනා කළ යුතුයි.

අද වනවිට මේ වරාය රැකගැනීමේ දැවැන්ත ව්‍යාපාරයක් අපිට කරන්න සිදුවෙලා තියෙනවා. වරාය ආරක්ෂා කරන්න සිදුවෙලා තියෙන්නේ වරාය අමාත්‍යාංශයේ අයට පමණක් නෙවෙයි. මේ රටේ හැමදෙනාටම අද වරාය ආරක්ෂා කරගන්න සිදුවෙලා තියෙනවා.

වරාය රැකගැනීමට වරාය අධිකාරිය, අමාත්‍යාංශය හැටියට අපේම ශ්‍රී ලාංකිකකයන් සමඟ ගහ මරාගන්න ඕනද කියලත් සමහර වෙලාවට අපි කල්පනා කරනවා…..” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top