Mar 27, 2017

'ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතුයි' - ගම්මන්පිල

බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අත්අඩංගුවට ගත් අයුරින් ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ද අත්අඩංගුවට ගත යුතු බව පිවිතුරු හෙල උරුමය ප්‍රකාශ කරයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top