Mar 29, 2017

RDA සභාපති හා ගාමිණී චීනය එක්ක හතරවරං ගහලා : ඇමති දයාත් කොණක Featured

දිගින් දිගටම එල්ලවූ මරණිය තර්ජන හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු වූ තිලකසිරි ගාල්ලගේ මහතාගේ ආතතිය උත්සන්න අතට හැරී ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඔහු අතුරුදහන්වීමට මේ කාරණාව තවත් එක් හේතුවක් වී ඇති බව වාර්තා වන අතර මේවන විට තිලකසිරි මහතා ඔහුගේ ඥාතියකුගේ නිවසේ සිටින බවද වාර්තා වේ.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ ඉඳිකළ මුලටියන - කොටපොල මාර්ගයට අදාළ රුපියල් කෝටි ගණනක් අමතර මුදලක් වංචනික අකාරයෙන් ලබාගැනීමට බලධාරීන් කිහිපදෙනෙකු උත්සාහ කරමින් ඔහුට මරණ තර්ජන එල්ල කිරීම නිසාද ඔහු දැඩි අපහසුතාවයට පත්ව සිටියේය.

පියාගේ රෝගී තත්ත්වය හේතුවෙන් ඉංජිනේරු සිසුවකු වන තිලකසිරි මහතාගේ පුතුට සිය අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට යාමට සිදුව ඇතත් එයද අතපසුකර දැමීමට සිදවන තත්ත්වයක් මතුව ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

තිලකසිරි මහතාට මෙසේ ආතතිය ඇතිවීමට හේතුවී ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු වන ආර්.එම්. ගාමිණී නමැති අයගේ බලපෑම් හේතුවෙනි.

රුවන්පුර අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාව සිටි තිලකසිරි ගාල්ලගේ මහතාට අදාළ මාර්ගයට අයථා ලෙස චීන සමාගමකට මුදල් ඇස්තමේන්තු කර අනුමතකරදෙන ලෙස දිගින් දිගටම බලපෑම් කිරීමෙන් අතනතුරුව ඉය ඉටු නොවූ පසු ඔහු එම තනතුරෙන් වෙනත් නතුරකට පත්කිරීම ඔහු රෝගියකුවීමට ප්‍රධාන හේතුව බව පැවසේ.

ගාමිණී නැමැත්තා තිලකසිරි මහතාට බලපෑම් සිදුකර ඇත්තේ ඔහුට වෘත්තීයමය වශයෙන් තිලකසිරි මහතාට උපදෙස්දීමට ද හැකියාවක් නොතිබියදීය. (ඔහු නිල බලයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාය)

මේ සියලු අක්‍රමිකතා වලට ගාමිණී නැමැත්තාට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වන නිහාල් ආර්. සූරියආරච්චි මහතාගේ සහය ලැබෙන බව පැවසේ.

සභාපති දයාගේ මස්සිනා

සභාපතිවරයා පත්කර ඇත්තේ විශය භාර ඇමතිවරයා නොවන බව පැවසෙන අතර ඔහු පත්කර ඇත්තේ අගමැතිවරයා විසින් බවද වාර්තා වේ.

කෙසේවුවද, අගමැතිවරයා සූරියආරච්චි මහතාව අදාළ ධූරයට පත්කර ඇත්තේ අමාත්‍ය දයාගමගේ මහතාගේ ඉල්ලීමකට අනුවය.

සූරියආරච්චි මහතා, ගමගේ මහතාගේ මස්සිනා බවද වාර්තා වේ.

මස්සිනා නිසා දයාගේ පුතා ගොඩ

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා දයා ගමගේ අමාත්‍යවරයාගේ ඥාතියකුවීම නිසා දයා ගමගේ මහතාගේ පුතුගේ ඉදිකිරීම් සමාගමට පාරවල් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තු හෝසෙට ලැබෙමින් පවතින බවද එම අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

වැලිකඩ ඉන්න ඕන ගාමිණී තාමත් පුටුවේ

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ද චීනය සමඟ ඩීල් දැමූ ගාමිණී නැමැත්තා වර්තමාන සභාපතිවරයාද සමඟ කිට්ටු සම්බන්ධයක් පවත්වන බව පවැසේ.

අදාළ, සම්බන්ධයේ කිට්ටු බව නිසාම ගාමිණී නැමැත්තාව සියලුම ව්‍යාපෘතිවල ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමට පිඹුරුපත් සකසමින් සිටින බවද වාර්තා වේ.

ගාමිණී, පසුගිය රජය සමයේ කළ වංචාවං හේතුවෙන් ඔහු සිටිය යුතුවන්නේ අදාළ ධූරයේ නොවන වැලිකඩ බන්ධනාගාරයේ බවද එහි සේවකයෝ කියති.

තිලකේට තිත තබා මිල්ටන් සළුකිරීමේ රහස !

රුවන්පුර අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාව සිටි තිලකසිරි ගාල්ලගේ මහතා අදාළ ධූරයෙන් ඉවත් කර එහි පුරප්පාඩුවට පත්කර ඇත්තේ ඉංජිනේරු සංගමයේ සභාපති එච්.එම් මිල්ටන් විජේසුන්දර නැමැත්තාවය.

මිල්ටන් අදාළ, ධූරට පත්කර ඇත්තේ ඔහු ගාමිණී හා සූරිආරච්චිට කීකරු අයකුවීම නිසාය.

කෙසේවුවද, කනිෂ්ඨ ඉංජිනේරුවකු වන ඔහු අදාළ ධූරයට පත් කිරීම ද අක්‍රමිකතාවක් වන බව පැවසෙන අතර ඔහු එම ධූරයට පත් කිරීමේ ගාමිණී හා සූරියආරච්චිගේ යටි අරමුණ වී ඇත්තේ ඉංජිනේරු වෘත්තීය සමිතිය හරහා දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් මතුවන විරොධය යටපත් කර ගැනීම බවද පැවසේ.

තම ජිවිතයට යම් අනතුරක් වුවහොත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානින් ඊට වගකිව යුතු බව සඳහන් කරමින් ඉංජිනේරු සංගමයට ලබාදුන් ලිපිය සඟවා ඇත්තේද මිල්ටන් නැමැත්තා බව මේවන විට හෙළිව ඇතැයි වාර්තා වේ.

සබැඳි පුවත්

'රාජපක්ෂලාගේ කොමිස්' : RDA අධ්‍යක්ෂවරයකුට මරණිය තර්ජන ?

මාතර-මත්තල අධිවේගය: මෙදා ගැහිල්ල එදාටත් වැඩියි

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top