Jan 19, 2022

විදුලිය විසන්ධිවීමක් සිදුවිය හැකියි (Update) Featured

(Update) - අද (19) පැයක පමණ කාලයක් විදුලිය විසන්ධිවීමක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේ වනවිට අක්‍රිය වී ඇති කැලණිතිස්ස විදුලි බලාධාරය යථා තත්ත්වයට පත්වෙන තුරු එම විදුලි කප්පාදුව සිදුවෙන බව වාර්තා වේ.

----------------------------------------------------------------------------

(මුල් පුවත - 2022-ජනවාරි -19 - පස්වරු-02:28:57)

කැලණිතිස්ස ක්‍රියාවිරහිත වෙයි - විදුලිය කැපෙන්නේ නැතිලු

කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් එහි කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

නමුත් අද (19) දිනයේදී විදුලිය කැපීමක් සිදුනොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.

අද දිනයේ සවස් වනවිට එම ජනන යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරනු ඇති බවද වාර්තා වේ.

කැලණිතිස්ස විදුලි බලාගාරයේ මෙගාවොට් 150ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට ලබාදෙන ජනන යන්ත්‍රයක් ද මීට පෙර නවතා දමා තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top