කම්කරු දිනය සැමරීමට ගෝල්ෆේස් පිට්ටනිය ලැබුණු එකත් ජයග්‍රහණයක් බවද ඔහු කියා සිටියේය.
හෙතෙම මේ අදහස් පළ කළේ ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානයේ ජාතික සමුළුව අමතමිනි.
''අද අපි සියලු දෙනා එකතු වෙලා ඉන්නේ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුයි. එය යුගයේ අවශ්‍යතාවක් මෙන්ම යුතුකමක් ඉටු කිරීමක් ලෙසයි මම දකින්නේ. අද කරන්නේ ජාතික සම්පත් විකුණන එකට වඩා රට විකුණන එකයි. රජය විකිණීමකුයි කරන්නේ.
ජාතිය භුක්ති විඳින, භූමිය විකුණන්න දෙන්න පුළුවන්ද? අනාගතයේ උපදින ශ්‍රී ලාංකේය පරපුරට මේ සම්පත් ඉතුරු කරන්න අවශ්‍යයි. අපි මේ රටේ තාවකාලික භාරකාරයෝ විතරයි. අද මේ ආණ්ඩුවේ අය කටයුතු කරන්නේ රටේ අයිතිකාරයෝ වගෙයි. එක එක්කෙනාට ඕනෑ විදියට විකුණනවා. මෙයට විරුද්ධව පෙළ ගැසීම අත්‍යවශ්‍යයි.'' යයි ද
මෙහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා කීය.
ඔහු තවදුරටත් මෙසේද පැවසිය.
මම විකුණන කෙනෙක් නෙමෙයි :
''මහින්ද ගත්ත ණය ගෙවන්නයි ණය ගන්නේ කියලයි මේ අය කියන්නේ. මේ කතාව රනිල්ගෙන් අනෙක් කෙනාට බෝ වුණාද අනෙක් කෙනාගෙන් රනිල්ට බෝ වුණාද කියන්න මම දන්නේ නැහැ. කොහොම වුණත් දෙන්න මාරුවෙන් මාරුවට කියන්නේ මේ කතාව.
මම වරාය විකුණන්න සූදානම් වෙලා හිටියලු. මම විකුණන වැඩේ කරන කෙනෙක්ද? මම විකුණපු ඒවා ආපසු ගත්ත මිනිහෙක්.
අපේ "නෝනා" විකුණපු වෝටර්ස් ඒජ් එක මම ආපසු ගත්තා. නෝනා අක්කරය රුපියල් 05ට විකුණලා තිබුණේ. අර ගෝඨාභයට අයිතියි කියපු ඉස්පිරිතාලෙත් අපි ගත්තා. ගෑස් කොම්පැනිය ගත්තා. මේවා කළේ අනාගත පරපුර වෙනුවෙනුයි.
අද ඉන්න අයියලා හදන්නේ ඔක්කොම විකුණලා යන්නයි. නිලධාරීනුත් කියන්නේ විකුණන්නේ නැතුව බැහැ කියලයි. අපේ යුගයේ විකුණුවා කියලා කියනවා.
අපේ යුග දෙකක් තිබුණානේ. ඔය වික්කයි කියන්නේ නෝනගේ යුගයේ. අපිට මේවා ගැන කතා කරන්න අයිතියත් තිබෙනවා. රාජ්‍ය දේපළ විකිණීමේ වගකීම ආණ්ඩුවේ අය භාරගත යුතුයි.
මළ කඳන් ගාවත් දිවුරුවනේ:
අද ව්‍යවස්ථාවක් හදන කතාවක් කියනවා. එහෙම එකකට කවුරුත් ඡන්දය දුන්නේ නැහැ. මැතිවරණයේදී කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා කියලයි.
ජනමත විචාරණයකට යන ඒවා කරන්නේ නැහැ කියලා සමහර අය දිවුරලා කියනවා. දිවුරලා කියනවා නම් ඒක අනිවාර්යයෙන් බොරුවක්. මළ කඳන් ගාවත් සමහර අය දිවුරුවනේ.''