අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කිරිබත්ගොඩ දී ඊයේ (3) හවස පැවැති අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සංවිධාන කළ එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක් වෙමිනි.
‘දැන් කියනවා පෝය දෙකක් යන්න කලින් ආණ්ඩුව ගන්නවලු. පෝය දෙකක් යන්න කලින් රජයේ සංවර්ධන වැඩසටහනේ මූලික ප්‍රතිළුල ලැබෙන විට මහින්ද රාජපක්ෂ මහතාට සිදු වන්නේ අඬන්න’ යැයි අගමැතිවරයා එහිදී කීය.
මේ පෝය නොව ඊළඟ පොයෙන් පසු ආණ්ඩුව ගන්නා බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි කී අගමැතිවරයා, මාරයාගේ දියණියන් තිදෙනා ද වෙසක් පෝයට පෙර දින රැඟූවත් එයින් ඵලක් නොවූ බව ද පැවසිය.
එළැඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් කාඩ් සකස් කිරීම මේ දිනවල සිදු කෙරෙන බවත් සාමාන්‍යයෙන් ධම්මපදයෙන් ගාථාවක් හෝ දහම් කවියක් වෙසක් පත්වලට ගන්නා බව කී අගමැති වික්‍රමසිංහ මහතා වෙසක් කාඩ්පතකට ගත හැකි හොඳම කවිය කියා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව ද කීය.
ආණ්ඩුව ගන්නවා යැයි ජනාධිපති රාජපක්ෂ මහතා මුලින්ම පැවැසීමට පටන් ගත්තේ මේ අවුරුද්දේ ජනවාරි මස අගදී බවත් තමා විදේශ ගත වූ විට ආණ්ඩුව ගන්නා ලෙස තමා පැවසුවත් එසේ කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි වු බවත් කී අගමැති වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා දැන් පාර්ලිමේන්තුවේ දී දකින්නට නොමැති බවත් කීය.