Sathosa

Apr 08, 2017

''කැබිනට් සංශෝධනයක් කරනවා'' - ජනපති අවධාරණය කරයි Featured

අලුත් අවුරුදු උදාවත් සමඟ අඩුපාඩු ප්‍රමාදදෝෂ ඉවත්කර රට ඉදිරියට ගන්නා ශක්තිමත් වැඩ පිළිවෙළකට තමන් අවතීර්ණ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.

ශක්තිමත් ඉදිරි ගමනක් සඳහා ප්‍රධාන අවශ්‍යතාවක් ලෙස සලකා කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කරන අතර රජයට එල්ල වන ඇතැම් චෝදනා නිවැරැදි කිරීමට එයම ප්‍රමාණවත් නොවන හෙයින් තවත් පියවර කිහිපයක්ම ගන්නා බවද ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපතිවරයා 'මව්බිම' සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් එබව ප්‍රකාශ කර තිබේ.

තමා බලයට පත්කළ ජනතාව මේ ආණ්ඩුවෙන් ප්‍රශ්න විසදා ගැනීම කෙරෙහි තවදුරටත් විශ්වාසය තබා සිටින බවත්  ඒ විශ්වාසය කඩ වෙන්නට පෙර නව වැඩපිළිවෙළකින් අලුත් ගමනක් අරඹන බවත් ජනාධිපතිවරයා කියා සිටියි.

පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක පිපාසයෙන් ශ්‍රී ලංකාව පෙළෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තරුණ ජවය එක්කොට ශ්‍රී ලනිප ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා නායකත්වය දෙන බවත් ජනපති පවසයි.

''දැන් ඉතින් කාටවත් ඇඟිල්ල දිගු කර පලක් නැහැ. පසුගිය පාලනය රටේ ඇති කළ සියලු ප්‍රශ්න අපි විසඳිය යුතුයි. ඒ ප්‍රශ්න මී පැණි වගේ මිහිරි නැහැ. කසාය වගේ අමිහිරියි. කසාය බිබී තමයි ප්‍රශ්න විසඳන්න වෙන්නේ. ජනතා බලාපොරොත්තු ඉටු කරන්න සම්මුතිවාදී ආණ්ඩුව විදියට කැපවෙනවා''  ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

වසර අවසානයේ නිශ්චිත ලෙසම පළාත් මැතිවරණ පැවැත්වෙන බවද හෙතෙම අවධාරණය කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top