Sathosa

Apr 08, 2017

'අගමැතිට රෙඩ් කාඩ් එක පෙන්නන්න' - ඩිලාන් ජනපතිට කියයි

යහපාලන ආණ්ඩුව නිවැරදි මාවතට ගෙන යාම සඳහා ජනාධිපතිවරයා දැඩි තීරණ ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා බදුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් පැවසිය.

එහිදී අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් වුවද ජනාධිපතිවරයා ඍජුව කටයුතු කළ යුතුව ඇති බව ඔහු කියා සිටියේය.

වංචාකරුවන් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා ඉඩ නොතැබිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

මෙහෙම යන්න බැහැ :

එක්සත් ජනතා නිදහස් සන්ධාන බදුලු දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා එසේ පවසද්දී, එම දිස්ත්‍රීක්කයෙන් සන්ධානය නියෝජනය කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ, ශ්‍රීලනිප - එජාප හවුල් ආණ්ඩුව තව දුරටත් එකට යා නොහැකි බවයි.

ඇමතිවරයා මේ බව පවසා ඇත්තේ ඇමති රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා සමග පාර්ලිමේන්තුවේදී සිදු කර සුහද කතාබහකදීය.

හැකි ඉක්මනින් හවුල් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කියා සිටින බව ද සිරිපාල ඇමතිවරයා එහිදී සඳහන් කර තිබේ.

ඇමති මද්දුම බණ්ඩාර මහතා ද එය අනුමත කරමින්, දැන් මේ හවුල් ආණ්ඩුව ඉදිරියට යා නොහැකි බවත් එජාපය තනිව ඉදිරියට යනවාට තමන් ද ඉතා කැමති බවත් සදහන් කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top