Sathosa

Apr 10, 2017

'අධ්‍යාත්මික නායකයින් පෙරමුණ ගත යුතුයි' - ජනපති

සංහිඳියාව ගොඩ නැගිමේ කාර්යයේදී ආධ්‍යාත්මික නායකයින් පෙරමුණ ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මිනිසුන්ගේ හදවත් එක් කිරීමේ කාර්යයේදී සැබෑ පණිවිඩකරුවා වන්නේ ආධ්‍යාත්මික නායකයන් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

දංකොටුව සිංගක්කුලිය ප්‍රදේශයේ පැවති ‘‘එරබදු වසන්තම්‘‘ ජාතික හා සංහිදියාව පිළිබඳ සංස්කාතික ප්‍රසංගයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

මෙහිදි ස්වර්ගස්ථ වූ කලා ශූරි මර්සලින් ජයකොඩි පියතුමන්ට උපහාර පිදීමේ උත්සවයක්ද පැවැත්වින.

සියලු ජන කොටස් අතර සාමය සහ සංහිඳියාව තහවුරු කරමින් ශක්තිමත් ජන පවුරක් ලෙස අප ඉදිරියට යා යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම උත්සවය සංවිධාන කර තිබුණේ සරසවි කලා සංගමය විසිනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top