එමෙන්ම රාජ්‍ය භාෂා අමාත්‍යංශයට බදවා ගැනීම් කිරීමේදී සිංහල සහ දෙමළ ද්වීභාෂා හැකියාව ඇති අයදුම්කරුවන් පමණක් බදවාගැනීමට තීරණය කර ඇති බවත් අමාත්‍යාවරයා සදහන් කරයි.
සංහිදියාවට රුකුලක්
ජාතිය, ආගම හා භාෂාව පදනම්කරගෙන රටේ ජන කොටස් අතර ප්‍රශ්න ඇති වීම වැලැක්වීමට කටයුතු කරන බවත්, රටේ භාෂා ප්රශ්නය විසදු විට ජාතීන් අතර සංහිදියාවට ඇති බාධක ඉවත් වන බවත් අමාත්‍යාවරයා පැවැසීය.
අන්තවාදී කොටස් වැරදි චිත්‍ර මවාපෑම නිසා ජාතීන් අතර සුහදත්වයට බාධා එල්ලවන බවත් සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් වශයෙන් නොව ශ්‍රී ලාංකිකයින් වශයෙන් ඉදිරියට යාමේ යුගය උදාවී ඇති බවත් අමත්‍යවරයා පෙන්වා දෙයි.
භාෂා පරිවර්තකයන්ට අවස්ථාව
රජයේ ආයතන වලින් සේවය ලබා ගැනීමට පැමිණෙන සේවාලාභීන්ගේ පහසුව උදෙසා ඉදිරියේදී රාජ්‍ය ආයතනවලට දෙවන භාෂාව සදහා භාෂා පරිවර්තකයන් බදවා ගැනීමට කටයුතු කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා නීතියක් රෙගුලාසියක් වශයෙන් නොසලකා යුතුකමක් වශයෙන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.