Apr 13, 2017

'මේ ආණ්ඩුව යටතේ කන අවසන් සිංහල අවුරුද්ද'

මේ ආණ්ඩුව යටතේ පවත්වන අවසාන සිංහල අලූත් අවුරුද්ද මෙය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

බඩු මිල අහස උසට නැග තිබියදී ජනතාවට අවුරුදු කෑමට හැකියාවක් නැති බවත් පවසන මන්ත්‍රීවරයා ජනතාවට අද වන විට මේ ආණ්ඩුව මුළුමනින්ම එපා වී ඇතැයිද කියයි.

අලූත් අවුරුද්ද පහුවුණාම කී දෙනෙක් හිරේ දමාවිදැයි නොදන්නා බවද පවසන ඔහු කෙසේ හෝ මේ ආණ්ඩුව පෙරළලා දමන බවද අවධාරණය කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top