May 05, 2022

පාස්පොර්ට් කන්තෝරුව වසා දැමෙයි!

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් මහජනතාව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීම අද (05) දිනයේදී තාවකාලිකව අත්හිටවූ බවය.

පරිගණක පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් එම තීරණය ජනතාවට දැනුම්දෙන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය මැයි මස 3 වැනිදා ද මෙලෙසම පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාල වූ අතර පසුව ඊයේ (04) දිනයේ දී එය නැවත යථා තත්ත්වයට පත්කර තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top