May 07, 2022

සන්ඩේ ටයිම්ස් හා විජය අධ්‍යක්ෂ මණ්ඩලයට නිමල් පෙරේරාගෙන් අනතුරු ඇඟවීමක්! Featured

සිය සේවාදායකයාගේ නීත්‍යානුකූල අයිතීන් උල්ලංඝනය කරමින්, නොසැලකිලිමත් සහ ද්වේෂසහගත ප්‍රකාශන දිගටම කරගෙන යන්නේ නම්, වැඩිදුර දැනුම්දීමකින් හෝ අනතුරු ඇඟවීමකින් තොරව නීතිමය කටයුතු සිදුකරන බව නිමල් පෙරේරා මහතාගේ නීතීඥ සමාගම වන සුදත් පෙරේරා ඇසෝසියේට්ස් විසින් විජය පුවත්පත් සමාගමට, එහි අධ්‍යක්ෂ මණ්ඩලයට, ද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරිය (විමර්ශන) වන නාමිනී විජේදාසට හා ද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ කර්තෘවයාට ලිඛිත දැන්වීමක් කර තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ පලව ඇති මාධ්‍ය ප්‍රකාශනවල අඩංගු කරුණු සම්බන්ධයෙන් නිමල් පෙරේරා මහතාට පොලිසියෙන් හෝ අධිකරණයෙන් චෝදනා එල්ල වී නොමැති බවයි.

එසේම දැනට පවතින පොලිස් පරීක්ෂණවලට. නීතිය යටතේ, මාධ්‍ය සංවිධානයක් හෝ මාධ්‍ය ආයතනයක සේවකයෙකු ලෙස දැනට පවතින පොලිස් පරීක්ෂණවලදී සාක්ෂිකරුවන්ට බාධා කිරීමට, එවැනි විමර්ශනවලට බලපෑමක් ඇති කළ හැකි ඉඟි කිරීමට අයිතියක් නොමැති බවද නිමල් පෙරේරා මහතාගේ නීතීඥ සමාගම අවධාරණය කරයි.

අදාළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

සබැඳි පුවත්

ඇස්පෙන් මෙඩිකල් කතාව ගැන නාමල්, නිමල් ට්වීට් කරයි

Cease and Desist 1new

Cease and Desist 2

Cease and Desist 3

Cease and Desist 4

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top